Loading...

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 100කින් සම්මත වී තිබෙනවා.

අදාළ යෝජනාවට පක්ෂ ඡන්ද 108ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 8ක් පමණ හිමි වුණා.

මේ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 81 යෝජනා සම්මතය වැඩි ඡන්ද 100කින් සම්මත වූ බවයි.

මේ අතර අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය පරිදි සම්මත කරගන්නා ලදී.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *