ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණි බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාව එහි නිලධාරීන් ආපසු හරවා යවා ඇති බව වාර්තා වනවා.
ඒ පිළිගත හැකි ඡායාරූපයක් සහිත හැඳුනුම්පතක් රැගෙන ඒමට ඔහුට නොහැකි වීම හේතුවෙන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීමට තමන්ට අයත් ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත බොරිස් ජොන්සන් ගිය අවස්ථාවේදී මෙම සිදුවීමට මුහුණ දීමට සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් පසුව බොරිස් ජොන්සන් පසුව පිළිගත හැකි හැඳුනුම්පතක් රැගෙන විත් ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබෙනවා.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡායාරූපය සහිත පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවට හඳුන්වා දුන් නීතියද ඔහුගේ රජය විසින් 2022 වසරේ දී සම්මත කරන ලද්දකි.
Leave a Reply