Loading...

ඉහළ පෙළේ ධනවතුන් ගැන දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ අවධානය

ඉහළ පෙලේ ධනවත පුද්ගලයින් 100 දෙනෙක් ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

එහි කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය කියා සිටියේ ඉහළ ධනවතුන් 100 දෙනාගේ ආදායම්, වත්කම් හා වාර්තා ගොනු කිරීමේ ඉතිහාසය ගැඹුරින් සමාලෝචනය කරන බවයි.

ඔවුන් සම්බන්ධව ඉතා සමීපව අධ්‍යනයන කරමින් සිටින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නම් විශේෂ අංශයක් සකස් කර විමර්ශන කටයුතු සඳහා විශේෂඥ කණ්ඩායමක් ද අනුයුක්ත කිරීමට නියමිතයි.

ඒ අනුව ඉහළ වත්කම් ඇති පුද්ගලයින්ගේ වාර්තා යාවත්කාලින කිරීම, දෝෂ හා අඩුපාඩු හඳුනාගැනීමට ද සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *