දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවාද? නැද්ද? යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.
ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගයක් එදින ප්‍රකාශයට පත් කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙනවා.
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබු අතර පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරුණා.
Leave a Reply