Loading...

ට්‍රම්ප් සහ කමලා අතර විවාදයට දින නියම වෙයි

රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂිකා කමලා හැරිස් අතර පළමු රෑපවාහිනී විවාදය, සැප්තැම්බර් 10 වනදා පවැත්වීමට නියමිතයි.

මෙම විවාදය අතිශයින් තීරණාත්මක සහ තීව්‍ර එකක් වනු ඇති වගත්, එය එළඹෙන ජනාධිපතිවරණ පෙර ගමනේ එක් ඓතිහාසික හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන විවාදයක් වන වගටත් දේශපාලන විචාරකයෝ මත පළකර තියෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශකර සිටියේ සිටියේ නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයට පෙර ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රතිවාදියා සමග විවාද කිරීමට තමන් ඉතා කැමැත්තෙන් සිටින වගයි. ‍

එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ කමලා හැරිස්, මිචිගන් ප්‍රාන්තයේ, ඩිට්‍රොයිට් නගරයේ පැවැත්වුනු උත්සක් අමතමින්… “ඔහු සැප්තැම්බර් 10 වැනි දින විවාදයකට එකඟ වීම ගැන මම සතුටු වෙනවා. එදිනට ඔහු සහභාගී වනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙනවා.” යැයි පවසා තියෙනවා.

ඇමෙරිකාවේ ප්‍රකට ABC රෑපවාහිනී නාලිකාව මෙම විවාදය සඳහා සත්කාරකත්වය සපයනු ඇත.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *