පොලිස්පතිවරයා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිරීමට ඊයේ (24) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (24) සවස පැවැත්වුණා.
මෙහිදී පොලිස්පතිවරයා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් හුවමාරු වී තිබෙනවා.
අදාළ තීන්දුවේ නීති ගැටලු රැසක් පවතින බවද කැබිනට් රැස්වීමේදී හෙළිව ඇති බවද සඳහන්.
එම තත්ත්වය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පවතින නීතිමය ගැටලු ගැන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිචාරය දැක්වීම ගැඹුරු ලෙස කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරු ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශ පත් කිරීමට ද තීරණය කර තිබෙනවා.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ පොලිස්පති පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අමාත්‍ය මණ්ඩලය වෙත ලැබුණේ ඊයේ (24) බැවින් ඊට අදාළ නීති ගැටලු සම්බන්ධව ගැඹුරු අධ්‍යයනයක් කිරීමට කාලය අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයේ මතය වී ඇති බවයි.
මේ අනුව මීට අදාළ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිචාරය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු බව අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික තීරණය වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.








Leave a Reply