Loading...

සුවසැරියට ලෝක බැංකුවෙන් ලැබුණු ඇගයීම

1990 හදිසි ඇමතුම් අංකය ඔස්සේ මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගී කරගනිමින් නොමිලේ සේවා සපයන ලොව වඩාත් උසස් ගිලන් රථ සේවාවක් ලෙස ලෝක බැංකුව මඟින් හඳුන්වා දී තිබෙනවා.

ඔවුන් පවසන්නේ ලොව ගිලන්රථ සේවා අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන් රථ සේවාව පත්වී ඇති බවයි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය සභාපති මාර්ටින් රේසර් ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත සුවසැරිය පිළිබඳ වාර්තාවක් ගොනු කර ඇත්තේ දකුණු ආසියාවේ දුප්පත්කම තුරන්කිරීමේ තේමාව යටතේයි.

අදාළ වාර්තාවට 2016 වසරේ දී සුව සැරිය ගිලන් රථ සේවාව මෙරටට හඳුන්වාදීමෙන් අනතුරුව මේ දක්වා ලක්ෂ 18ක් ශ්‍රී ලාංකිකයන් 1990 සුවසැරිය ගිලන් රථ සේවා සමඟ සම්බන්ධ වී තිබෙනවා.

තවද ඇමතුමක් හා සම්බන්ධවී සාමාන්‍ය ලෙස විනාඩි 12ක කාලයක් ඇතුළත ගිලන් වූ පුද්ගලයා ආසන්නයේ පිහිටි රෝහලක් වෙත හෝ සත්කාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට මෙම සේවාව සමත්ව ඇති බවද සඳහන්.

මේ අනුව ලොව ගිලන් රථ සේවාවන් අතර වේගවත්ම ප්‍රතිචාර දක්වන සේවාවක් ලෙස සුවසැරිය නම් කර ඇති බවයි ලෝක බැංකු වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

මෙම වාර්තාවට අනුව 2018 වසරේ දී විශේෂිත පාර්ලිමේන්තු පනතක් මඟින් නිදහස් පෞද්ගලික සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන රජයේ ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමෙන් අනතුරුව සුවසැරිය ගිලන් රථ සේවාව වඩාත් කාර්යක්ෂම වී තිබෙනවා.

ඉන්දීය රජයේ ප්‍රදානයක් ආරම්භයේ දී ලෙස ක්‍රියාත්මක වූ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව දැන් පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින්.

මේ සඳහා පෞද්ගලික අංශයේ ප්‍රදානයක් ද යොදාගෙන ඇති අතර අනුග්‍රාහකත්වය ද අපේක්ෂා කරනු ලබනවා.

මුල් කාලයේ නාගරික ප්‍රදේශවල පමණක් ක්‍රියාත්මක වුවද අද වන විට සුවසැරිය 1990 හදිසි ගිලන් රථ සේවාව වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණයෙන් 63%ක්ම ග්‍රාමීය ප්‍රදේශවලින් ලැබෙන ඇමතුම් වීමද විශේෂත්වයක් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *