ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයන්ගෙන් විදුලිය ලබා ගැනීමේ දී ලබා ගන්නා තැන්පතු සඳහා පොලී මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලය මඟින් විදුලි සැපයුම් ලබාදීමේ දී පාරිභෝගිකයන්ගෙන් ලබා ගන්නා මෙම සුරක්ෂිත තැන්පත් මුදල් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් පාරිභෝගිකයින් වෙත ගෙවීමට පියවර ගන්නා ලෙස මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කර ඇති බව සඳහන්.
විදුලිබල මණ්ඩලය විසින් 2024 වසරේ ජනවාරි 30 වනදා අධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසමේ සඳහන් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවනු ලබන 11.67%ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ට මෙන්ම අනෙක් විදුලි පාරිභෝගිකයන්ට ගෙවිය යුතු බව එස් තුරෙයි රාජා, සෝභිත රාජ කරුණා යන මහත්වරුන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.
විදුලිබල පනතේ 28/3 පනත ප්‍රකාරව ලබාගෙන ඇති වාර්ෂික පොලී මුදල පාරිභෝගිකයන්ට ගෙවන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගියන්ගේ සංගමය, එම සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ හා ලේකම් ප්‍රසාද් භාතිය අමරකොන් යන මහත්වරුන් විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) කැඳවූ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.








Leave a Reply