Loading...

රුසියාවෙන් ඉක්මණින් තෙල් ගැනීමට ශ්‍රී ලංකා රජය සාකච්ඡා අරඹයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා අතර හදිසි හමුවක් අද (13) දහවල් සිදුව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී මෙම හමුව සිදුව ඇති බව සඳහන්.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාල බිඳ වැටීමට විසඳුමක් ලෙස රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර දෙමින් ඒ සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමඟයි.

මේ අනුව මෙරට ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තවත් එක් පියවරක් ලෙස විදේශ අමාත්‍යවරයා රුසියානු ඉන්ධන ලබා ගැනීම සම්බන්ධව රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සිදුකළ මෙම ඉල්ලීමට රුසියානු රජයට වහාම දැන්වීමට තානාපතිවරයා එකඟතාව පළකර ඇති බව සඳහන්.

තවද අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවද ඔහු මෙහිදී පොරොන්දු වී තිබෙනවා.

මෙම සාකච්ඡාව අතරවාරයේ දී රුසියානු තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක රුසියාවේ සහාය හිමිවන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *