Loading...

සාම පා ගමනට වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් උණුසුම් පිළිගැනීමක්

ලෝක සාමය වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මුලිකත්වයෙන් අමෙරිකාවේ ටෙක්සාස් ජනපදයෙන් ආරම්භ වුණු සාම පා ගමන අද (12) එහි ගමනාන්තය වූ වොෂින්ටන් බලා පැමිණ අවසන් වුණා.

පාගමනට එක්වුණු භික්ෂූන් වහන්සේලා පිරිස DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උණුසුම් ලෙස පිළි ගැනීමට කටයුතු කර තිබුණා.

වොෂින්ටන්, වර්ජනියා සහ මේරිලන්ඩ් හි වෙසන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරන ලද දානමය පිංකමකට ද මෙහිදී තානාපති කාර්යාලයේ පැවැත්වුණා.

National United Methodist දේවස්ථානයේදී වැඩසිටි පාගමන සඳහා එක්වුණු වහන්සේලා ද ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා 200නමකට අධික පිරිසක් වෙනුවෙන් සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර පාන පූජා කෙරුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *