අමෙරිකානු ප්රහාරයකින් ගිලී ගිය ඉරානයේ ඩේනා යුද නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සහ ඔවුන්ට ප්රතිකාර ලබාදීම සම්බන්ධව ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි ශ්රී ලංකාවට සිය කෘතඥතාව පළකර තිබෙනවා.
ඉරාන විදේශ අමාත්යවරයා ශ්රී ලංකාවේ විදේශ අමාත්යවරයා සමඟ දුරකථනයෙන් සිදුකළ සංවාදයකදී මෙම ස්තුතිය පළකර ඇති බව සඳහන්.
ඉරාන නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර ඇති බවද වාර්තා වනවා.
තවද ජාත්යන්තර මුහුදු තිරයේ දී ඉරානයට අයත් ඩේනා යුද නෞකාව ඉලක්ක කර අමෙරිකාව සිදුකළ ප්රහාරය අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක් බව ඉරාන විදේශ අමාත්ය අබ්බාස් අරග්චි පවසනවා.
පසුගිය බදාදා ශ්රී ලංකාවේ ගාල්ල වරාය නගරයට නාවික සැතපුම් 19ක් ඔබ්බෙන් වී ජාත්යන්තර මුහුදු තීරයේ දී අමෙරිකාව විසන් IRIS ඩේනා යුද නෞකාව ගිල්වා දමනු ලැබුවා.
මේ අතර ඉරාන ජාතිකයන් රැගත් බුෂෙයාර් නෞකාවේ ආපදාවට ලක්වූවන් බේරා ගැනීමේ දී ශ්රී ලංකා රජය අනුගමනය කළ මධ්යස්ත ප්රතිපත්තිය සහ ජාත්යන්තර මානුෂීය මුලධර්මවලට ගරු කරමින් කටයුතු කිරීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ප්රසාදය පළකර තිබෙනවා.
ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ මහලේකම්වරයාගේ නියෝජිත මාර්ක් ආන්ඩ්රේ ෆ්රාන්චේ පවසන්නේ මෙම සිදුවීමේ දී ශ්රී ලංකාව කටයුතු කළ ආකාරය ජාත්යන්තර බැඳීම්වලට අනුකූලව බවයි.
“එක්සත් ජාතීන්ගේ සම්මුතීන් සහ ජාත්යන්තර ප්රඥප්තීන්ට අනුකූලව මානුෂීය සහාය ලබා දීමට ශ්රී ලංකා රජය දක්වන අවධානය අපි අගය කරනවා. එමගින් ඔවුන් බහුපාර්ශ්විකත්වයට (multilateralism) ඇති කැපවීම, මධ්යස්ථභාවය ආරක්ෂා කිරීම සහ සාමය උදෙසා ඇති කැපවීම මනාව පැහැදිලි වනවා,”.
මේ අතර ඉරන ජාතිකයින් රැගත් බුෂෙයාර් නෞකාවේ නාවිකයින් බේරා ගැනීම සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ රජය එම තත්ත්වය කළමනාකරණය කරගත් අයුරු සම්බන්ධව ජාත්යන්තර ප්රජාවගේ මෙන්ම ජාත්යන්තර මාධ්යවල ද මේ වන විට ශ්රී ලංකාව සම්බන්ධයෙන් ප්රසාදය පළව තිබෙනවා.







Leave a Reply