ලෝක කුසලාන තරඟාවලියේ ඕමානයට එරෙහි තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 105ක දැවැන්ත ජයක් ලබා ගැනීමට අද (12) සමත් වුණා.
පල්ලෙකැලේ හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕමාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 225ක් ලබා ගනු ලැබුවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් සහ පවන් රත්නායක ලකුණු 60ක් රැස් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් පවන් රත්නායක සහ කුසල් මෙන්ඩිස් පන්දු 52කදී ලකුණු 94ක සබඳතාවක් ගොඩ නැගු අතර එය ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 200 සිමාව ඉක්මවා යාමට පිටිවහලක් වුණා.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 20කින් ලකුණු 50ක් රැස්කළා.
ලකුණු 226ක දැවැන්ත ඉනිමක් හඹා ගිය ඕමාන කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 120ක් පමණි.
ඕමානය වෙනුවෙන් Mohammad Nadeem නොදැවී ලකුණු 53ක් ලබාගත්තා.
දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 2 බැඟින් බිඳ හෙලුවා.
මෙම ජයග්‍රහණය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ අපරාජිතව රැඳී සිටීමට සමත්වනවා.
ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරඟාවලියේ සහභාගී මීළඟ තරඟය ලබන 16 වනදා රාත්‍රී 7ට ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
එම තරඟය ද පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දීයි.






Leave a Reply