ජා ඇළ ප්‍රදේශයේදී බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට අද (07) අලුයම එල්ල කළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම වෙඩි තැබීමේ දී වෙඩික්කරුවන් විසින් අසල පිහිටි තවත් නිවාස දෙකකට වෙඩි තබා පළාගොස් ඇති බවයි.
අද (07) අලුයම 1.25ට පමණ ජා ඇල පොලිස් වසමේ අංක 5 ශාන්ත ආනා පාර, වැලිගම්පිටිය ලිපිනයේ පිහිටි නිවස ඉලක්ක කරමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
මනෝජ් සුරංග ලියනගේ හෙවත් බටුවත්තේ චාමර යන අයගේ බිරිඳ වන චතුරිකා වීරසුරිය පදිංචිව සිටි නිවසට මෙම වෙඩි තැබීම සිදුකර තිබූ බව සඳහන්.
යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වනවා.
පොලීසිය පවසන්නේ අදාළ නිවසට සහ තවත් නිවාස දෙකකට වෙඩිකකරුවන් විසින් වෙඩි ප්‍රහාර 23ක් පමණ එල්ල කර ඇති බවයි.
බටුවත්තේ චාමරගේ බිරිඳ මේ වන විට ඩුබායි රාජ්‍යයේ ජීවත් වන බවට තොරතුරු වාර්තා වනවා.
මෙම නිවස දැනට මාස 2ක් පමණ සිට වැඩිහිටි නිවාසයක් සඳහා මාසිකව රුපියල් 125000ක මුදලට කුලියට ලබාදී ඇති බවද සඳහන්.
මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී එම නිවසේ වැඩිහිටියන් 9 දෙනෙකු සහ සාත්තු සේවිකාවන් සිව් දෙනෙක් සිට තිබෙනවා.
මේ අතර පොලීසිය පවසන්නේ මෙම නිවසට 2025.12.15 දින හා 2025.12.24 යන දිනයන් වලදී මේ ආකාරයෙන්ම වෙඩි තබා ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධව පොලිස් විමර්ශන ක්‍රියාත්මක වනවා.







Leave a Reply