Loading...

රේණුක පෙරේරා අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ උතුරේ මහ විරු සැමරුම සම්බන්ධව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යයන් ඔස්සේ පළ කිරීමේ චෝදනා මහතා ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අද (05) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඒ මහතාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඒ මහතා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලීසිය පැවසුවේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *