මාසික ඉන්ධන මිල සුත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි තෙල් වර්ග දෙකක මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් අඩුව ඇති බව සඳහන්.
මෙම මිල සංශෝධනය සමඟ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 277 දක්වා ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292 දක්වා ද අඩුවන බවයි වාර්තා වන්නේ.
එම සංස්ථාව පෙන්වා දෙන්නේ ලංකා සුපිරි ඩීසල්, ලංකා භූමිතෙල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් යන ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවයි.







Leave a Reply