Loading...

රයිස්, කොත්තු සහ ප්ලේන් ටී මිල ගණන් පහළට

විදුලි බිල අඩුවීමේ සහනය ලෙස අද (16) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දමන බව සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සාමාන්‍ය බත් පැකට්ටුවක මිල රුපියල් 25කින් අඩු කරන බවයි.

මේ අතර රයිස් සහ කොත්තු මිල ද රුපියල් 25කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

තවද බිත්තර රොටි සහ කෙටි ආහාර වර්ග සියල්ල රුපියල් 10කින් පහළ දමා ඇති අතර ප්ලේන් ටී එකක් රුපියල් 5කින් අඩු කිරීමට නියමිත බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *