Loading...

එකම දවසේ නාමල්වයි ශිරන්තිවයි CIDයට කැඳවීමේ සුදානමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබන 3 වනදා පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිරිලිය සවිය ව්‍යාපෘතියට අදාළව පැවැත්වෙන පරීක්ෂණයකට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බවයි.

කෙසේ වෙතත් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඇයට මීට පෙර දිනයක පැමිණෙන ලෙස දැනුම් දී තිබුණත් එදිනට පැමිණිය නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය පවසා තිබුණා.

ඒ සඳහා වෙනත් දිනයක් ඇය විසින් ඉල්ලා තිබු බව සඳහන්.

මේ අනුව ලබන 3 වනදා දිනය ලබාදී තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට එදිනම උදෑසන 9.30ට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහුට එරෙහි පැමිණිල්ල කුමක්දැයි මෙතෙක් දැනුම් දී නොමැති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *