Loading...

ප්‍රමෝද්‍යගේ ටෙස්ට් එක ෆේල් වෙයි – කමිඳුට නැවතත් සංචිතයේ අවස්ථාවක්

ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කර තිබෙනවා.

ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත් කර ඇති බවයි.

ලබන 7 වනදා පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් සංචිත නම් කිරීම සඳහා ලබාදුන් කාලය අද (31) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

මේ වන විටත් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් කණ්ඩායම් රැසක් සිය අවසන් සංචිත නම් කර තිබෙනවා.

මේ අතර එංගලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියට අදාළව ඊයේ (30) පැවැත්වුණු තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම හමුවේ දරුණු පරාජයක් ලැබුවා.

පල්ලෙකැලේ හිදී පැවැත්වුණු තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරඟයේ එක් ඉනිමක් පන්දුවාර 17කට සීමා වුණා.

එහිදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 133ක් පමණි.

එහිදී ආරම්භක පිතිකරුවන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළද එය මැදපෙළ දියාරු පිතිකරණය හේතුවෙන් ලකුණු 150ක ඉලක්කයක් කරා යාමට තිබූ අවස්ථාව අහිමිව ගියා.

පිතිකරණ ලැයිස්තුවේ මැදපෙළ ශක්තිමත් කිරීමට තේරීම් කමිටුවේ හොඳම තේරීම ලෙස ගෙන ආ ධනංජය සිල්වාගේ ටෙස්ට් ඉනිම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි විවේචනයකට ලක් වුණා.

කෙසේ වෙතත් ලකණු 134ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ඉනිමට වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් ඩක්වත් ලුවිස් ක්‍රමවේදය ඔස්සේ තරඟයේ අවසන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට සිදු වුණා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 11ක ජයක් ලබා ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *