Loading...

පොලිස් සාක්ෂිකරුවන්ට තර්ජනයක්?

ඇප මත මුදාහැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් නිලධාරීන් පිරිසක් අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශයට අනුයුක්ත කිරීම හේතුවෙන් අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් සාක්ෂිකරුවන් හට තර්ජනය එල්ල වී ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අත්අඩංගුවට පත්ව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු නිලධාරියෙකු වන සුමේධ වීරසිංහ මහතා විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (07) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා කරුණු දක්වමින් කියා සිටියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය නැවතත් ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාර්යංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර ඇති බවයි.

ඉන්පසුව එම නිලධාරීන්ගෙන් පිරිසක් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට රාජකාරියට යොදා ඇති බවද ඔහු සඳහන් කළා.

නඩු විභාගයේ දී රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ අදාළ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන පෙළේ සාක්ෂිකරුවෙක් මේ වන ඝාතනය ලක්වී ඇති බවත් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් වී ඇති බවයි.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අදාළව පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල වැඩිදුරටත් තීරණය කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *