පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.
අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතව ඇති.
මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන්.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
ඔවුන් සිය පෙත්සම්වලින් පෙන්වා දෙන්නේ පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර ඇති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමැතියක් ලබාදී නොමැති බවයි.
එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පුර්ණයෙන්ම නීතියට පටහැනි බවද එම පෙත්සම්වල පෙන්වා දෙනවා.
මේ අනුව අදාළ පත් කිරීම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සම්වලින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
Leave a Reply