Loading...

ක්‍රිකට් ලොවම උඩුයටිකුරු කරමින් ඉන්දියාව සමඟ ලෝක කුසලානයේ දී ක්‍රීඩා නොකිරීමට පාකිස්ථානය තීන්දු කරයි

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ය‍ටතේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟය ක්‍රීඩා නොකිරීමට පාකිස්ථානය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්ථාන රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවසර ලබාදෙන බවයි.

මීට පෙර ආරක්ෂක ගැටළු හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීමට නොහැකි බව පැවසුවා.

තරඟාවලියේ එම තරඟ ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව ඔවුන් එහිදී ප්‍රකාශ කළ ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊට අවසර ලබාදුන්නේ නැහැ.

මේ අනුව බංග්ලාදේශ කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

බංග්ලාදේශයේ එම තීරණය සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීන්දු කළේ ඔවුන් වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම ලෝක කුසලානයට ආදේශ කිරීමටයි.

ඊට පාකිස්ථානය දැඩි විරුද්ධත්වයක් පළකලා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *