විදෙස් බුද්ධි තොරතුරක් මත බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදා ආවේක්ෂණ මෙහෙයුමක් අතරතුර සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හොරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන තිබෙනවා.
නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ කාංචන බානගොඩ මහතා පැවසුවේ අද (01) උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ ධීවර යාත්‍රාවේ තිබූ උර 298ක මෙම මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වූ බවයි.
මෙම ධීවර යාත්‍රාව ලාංකික බහුදින යාත්‍රාවක් බවත් එහි සිටි සැකකරුවන් 6 දෙනා සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කළ සන්නිවේදන උපකරණය ද ඉදිරි නීතිමය කටයුතු ඉදිරිපත් කරන බවද නාවික හමුදාපති මෙහිදී සඳහන් කළා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 6000ක් පමණ බවද නාවික හමුදාව පවසනවා.







Leave a Reply