රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීම සම්බන්ධව මිනිස් ජාවාරම සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ආරම්භ කළ විශේෂ ඒකකයට දුරකථන ඇමතුම් 77ක් ලැබී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
පසුගිය 9 වනදා රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විශේෂ ඒකකය කළ අතර පැය 36ක පමණ කාලයක් ඇතුළත මෙලෙස දුරකථන ඇමතුම් ලැබී තිබීම විශේෂත්වයකි.
ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටින්නේ රුසියා – යුක්‍රේන සඳහා මේ වන විට පිටත්ව ගොස් ඇති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිටත්ව ගිය දිනයන්, සම්බන්ධීකරණ කළ පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු තොරතුරු එම අංශය වෙත ලබාදිය හැකි බවයි.
දුරකථන අංක 011- 2 44 11 46 ඔස්සේ තවදුරටත් තොරතුරු ලබාදිය හැකි අතර මේ දක්වා තොරතුරු ලබා නොදුන් පුද්ගලයින් සිටී නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.
Leave a Reply