Loading...

පොහොට්ටුවෙන් අලුත්ම ක්‍රමයකට මහින්ද රනිල් එකතු කරන්න යයි

එළැඹෙන ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට තීරණය කළහොත් ඔහුට සහාය පළ කිරීම පිළිබඳව පොදුජන පෙරමුණ අලුත් උපාය මාර්ගයක් තෝරා ගෙන ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ 2015 ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහාය ලබාදුන් ආකාරයට පක්ෂයෙන් අපේක්ෂයෙකු ඉදිරිපත් නොකොට වත්මන් ජනාධිපතිවරයා වෙත සහාය පළ කිරීමට පොහොට්ටුව මේ වන විට තීරණය කර ඇති බවයි.

මෙහිදී ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් වෙන්ව ගම් මට්ටමින් රැස්වීම් පැවැත්වීමට සහ අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික් මට්ටමින් දෙපාර්ශයම එකම වේදිකාවට ගොඩවී රැස්වීම් 25ක් පමණ පැවැත්වීමටත් ඔවුන් තීරණය කර ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *