Loading...

අයර්ලන්තය ඉදිරියේ සිංහයන් ගෞරවය රැකගනී

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) රාත්‍රීයේ සමත් වුණා.

ඒ අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැති තරඟයෙන් ලකුණු 20ක ජයක් ලබමින්.

කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 56යි. ඊට හතරේ පහර 5ක් ඇතුළත්.

කමිඳු මෙන්ඩිස් ලකුණු 44යි. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් උනා.

ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රබල කඩුලු 4ක් ලකුණු 86කට බිඳ වැටුණු අවස්ථාවකදී පිටියේ එක් අන්තයක ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් සමඟ එක්වූ කමිඳු මෙන්ඩිස් 5 වන කඩුල්ලට පන්දු 30කින් ලකුණු 67ක් රැස්කළා.

ලකුණු 165ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී ලකුණු 143කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන බල ඇණිය සමත් වුණා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළදී ලකුණු 23කට කඩුලු 3ක් දවාගත්තා.

වනිඳු හරංග ලකුණු 25කට කඩුලු 3ක් දවාගත් අතර, දුෂ්මන්ත චමීර හා දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල දවා ගනු ලැබුවා.

ඒ අනුව මෙම ජයග්‍රහණය සමඟ විස්සයි විස්ස තරඟ අයර්ලන්තයට එරෙහිව අපරාජිත බවේ ගෞරවය රැකගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *