තලංගම අකුරේගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද (13) පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබුණා.
පොලීසිය ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණය කටයුතුවලට පෙනී සිටි පුද්ගලයෙකු බවයි.
තවද එම පුද්ගලයා සිය සේවාදායකයාගේ තොරතුරු ලොකු පැටී නම් අපරාධකරුට ලබාදීම හේතුවෙන් කරන්දෙණිය සුද්දා විසින්ම මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැකපළ කරනවා.
තලංගම අකුරේගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවලක් ඉලක්ක කර අද (13) සවස 5ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් T 56 වර්ගයේ ගිනි අවියකින් අදාළ වෙඩි තැබීම සිදු කර තිබුණා.
පොලීසිය පැවසුවේ වෙඩි ප්රහාර 10ක් පමණ එල්ල කර වෙඩික්කරුවන් පලා ගොස් තිබූ බවයි.
වෙඩි තැබීමෙන් මෝටර් රථයේ සිටි අඹුසැමි යුවල එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්වුණා.
පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතිඥවරයෙක් හා ඔහුගේ බිරිඳ මෙලෙස ඝාතනය වී තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසියේ කණ්ඩායම් 3ක් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනවා.







Leave a Reply