Loading...

නව උත්තරීතර නායකයා ඉන්න තැන කිව්වොත් අමෙරිකාවෙන් ඩොලර් මිලියන 10ක්

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බලකායේ ඉහළ පෙලේ නායකයින් ගැන තොරතුරක් ලබා දෙන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස් යොදා ඇති බවයි.

ඊට අමතරව මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් අමෙරිකාවෙන් තීරණයක් ගෙන ඇති බව සඳහන්.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය අසළ කාර්ග් දූපතේ හමුදා ස්ථාන කිහිපයකටම අමෙරිකාව විසින් බෝම්බ හෙළා ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *