ඉරානය සමඟ පවතින යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරන්නේ කවදාද සහ කෙසේද යන්න සම්බන්ධව අමෙරිකානු ජනාධිපති මන්දිරය අභ්‍යන්තරයේ දැඩි මත භේදයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
මේ තත්ත්වය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධයේ ගමන් මඟ පිළිබඳව සිදුකරන ප්‍රකාශයන් ද වරින්වර වෙනස් වෙමින් පවතිනවා.
මැදපෙරදිග කලාපය පුරා ගැටුම් ව්‍යාප්ත වෙමින් ඇති තත්ත්වයක යුද්ධයේ ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ජනාධිපතිවරයාගේ උපදේශකයන් අතර මෙලෙස විවිධ අදහස් මතුව ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරයාගේ උපදේශකයින් සහ උසස් නිලධාරීන් කිහිපදෙනෙක් ට්‍රම්ප් වෙත අනතුරු අඟවා ඇත්තේ ඉරානයට එල්ල කරන අමෙරිකාව ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හේතුවෙන් ඉහළ ඉන්ධන මිල ඉදිරියේ දී ජනාධිපතිවරයාට දේශපාලනික ලෙස දැඩි පිරිවැයක් හෝ අවාසියක් ගෙන දිය හැකි බවයි.
කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ උපදේශක මණ්ඩලයේ සිටින දැඩි මතධාරීන් පිරිසක් ඇත්තේ ඊට හාත්පසින් වෙනස් මතයකයි.
ඉරානයට එරෙහිව දියත් කර ඇති මෙම ප්‍රහාරාත්මක මෙහෙයුම එලෙස පවත්වාගෙන යා යුතු බව ඔවුන් පෙන්වා දෙන බව වාර්තා වනවා.
මෙම අභ්‍යන්තර මත ගැටුම් හේතුවෙන් යුද්ධයේ මීළඟ පියවර සම්බන්ධව තීරණ ගැනීම සංකීර්ණය වී ඇති බව ට්‍රම්පට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
යුද වාතාවරණය නිසා ගල්ෆ් කලාපයේ රටවල් ගෑස් අපනයනය ගැන තීන්දුවක් ගනී?
කලාපය පුරා පවතින යුද වාතාවරණය සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා හේතුවෙන් කටාර්, බහරේන් සහ කුවේට් ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් සිය ගෑස් අපනයනය සම්බන්ධ අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කලාපය තුළ පවතින අමෙරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සමඟ මෙම තීන්දුව ගෙන ඇති බවයි.
මෙම තීන්දුවට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලට එල්ල වන බාධාව මීට සෘජුවම බලපා තිබෙනවා.
අර්බුධකාරී තත්ත්වය හමුවේ මාර්තු මස 2 වනදා සිය ගෑස් ද්‍රවීකරණ කටයුතු අත්හිටුවමින් නිෂ්පාදනය කිරීමට කටාර් එනර්ජි සමාගම පළමුව පියවර ගනු ලැබුවා.
ඒ සමඟ ගෝලීය බලශක්ති වෙළෙඳපොල තුළ දැඩි කැළඹීමක් ඇති වුණා.
ඉන්පසුව කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව සහ බහරේනයේ බැප්කෝ එන්ර්ජීස් සමාගම ද සිය අපනයන කටයුතු අත්හිටුවීමට තීරණය කළා.
මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව ද තම බලශක්ති අවශ්‍යතා කළමනාකරණය කර ගැනීම සඳහා හදිසි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා.
ඔවුන් පවතින ගෑස් තොග ප්‍රමුඛතා ක්ෂේත්‍ර වෙත පමණක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.







Leave a Reply