Loading...

IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරයට නිසි ප්‍රතිචාර දක්වනවා – ඉරාන හමුදාපති

ඉරානයෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් තෙල් හා බලශක්ති යටිතල පහසුකම් එල්ලවන ඕනෑම ප්‍රහාරයකට පිළිගැනීමක් ලෙස අමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන කලාපයේ තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

ඉරානයේ සන්නද්ධ හමුදාවන්ගේ ඒකාබද්ධ සටන් විධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන මධ්‍යස්ථානය වන කාර්ග් දූපතේ හමුදා ඉලක්කය වෙත එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙසයි.

මේ අතර කර්ග් දූපතට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් දක්වා තිබෙනවා.

අමෙරිකානු හමුදා කාර්ග් දූපතේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළත් තමන් තෙල් අපනයන මධ්‍යස්ථානවලට පහරදීමෙන් වැළකී සිටි බවත් ඔහු මෙහිදී පෙන්වා දී ඇත.

කෙසේ නමුත් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා ඉන්ධන නෞකාවලට ඉරානය හෝ වෙනත් පර්හ්සවයක් ප්‍රහාර එල්ල කළ හොත් මෙම තීරණය ගැන නැවත සලකා බලන බව ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.


අසල්වැසි රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කරන්න එපා – හමාස් සංවිධානය ඉරානයෙන් ඉල්ලයි

අසල්වැසි රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙස පලස්තීනයේ ක්‍රියාත්මක වන හමාස් සංවිධානය ඉරානයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම යුද්ධය නතර කිරීමට මැදිහත් වන ලෙස ඔවුන් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇති බවයි.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් කලාපීය මෙන්ම ලෝක සාමයට ද බාධාවක් වනු ඇති හමාස් සංවිධානය පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කර ඇති බවයි.

බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඊශ්‍රායලය ඇතුළු බොහෝ රටවල් හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයකට පත්කර තිබෙනවා.


යුද ගැටුම් නිසා ඉරානයේ පුද්ගලයින් ලක්ෂ 32ක් අවතැන් වෙයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරානයෙන් පුද්ගලයින් ලක්ෂ 32ක් අවතැන්ව සිටින බව වාර්තා වනවා.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ ආයතනය පවසන්නේ ඒ අතරින් බහුතරය ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල පදිංචිකරුවන් වන බවයි.

ගැටුම්කාරී වාතාවරණය පැවතීම හේතුවෙන් අවතැන්වූවන්ගේ ගණන තවදුරටත් ඉහළ යා හැකි බවද එම සංවිධානය පෙන්වා දෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඉරානයේ පුද්ගලයින් 25000කට අධික පිරිසක් ගැටුම් ආරම්භයෙන් පසු මේ දක්වා ඇෆ්ඝනිස්ථානයට පළා ගොස් ඇති බවයි.


IRIS Dena නෞකාවට කළ දේට නිසි ප්‍රතිචාර ලබා දෙනවා – ඉරාන හමුදාපති

ඉරාන නාවික හමුදාවට අයත් නවීනතම යුද නෞකාවක් වන IRIS Dena නෞකාවට ඉන්දියන් සාගරයේ දී එල්ල කළ ප්‍රහාරය පිළිබඳව නිසි ප්‍රතිචාරයක් ලබා දෙන බව ඉරාන හමුදාපති අමීර් හතාමි අනතුරු අඟවා තිබෙනවා.

ඔහු පවසන්නේ යුද අභ්‍යාසයක් නිමා කර නැවත ඉරානය බලා එමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

සෘජු සටහනක නිරත නොවී සිටියදී තම නාවිකයන්ට එල්ල කළ මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බවද ඉරාන හමුදාපති සඳහන් කරනවා.

තවද IRIS Dena නෞකාවේ නාමය සහ එහි කාර්ය මණ්ඩලයේ ජීවිත පරිත්‍යාගය, ඉරාන නාවික ඉතිහාසය තුළ ධෛර්යයේ සහ කැපවීමේ සංකේතයක් ලෙස පවතිනු ඇති බව ඔහු කියා සිටිනවා.

ඉරාන හමුදාපති වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉරානයේ මුහුදු සීමාවන් ආරක්ෂා කිරීමට සහ නාවික බලය තවදුරටත් ශක්තිමත් කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බවයි.


ඉරාකයේ බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලය අසලට ප්‍රහාරයක්

ඉරාකයේ බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි හෙලිකොප්ටර් යානා අංගනයට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරාක රජයේ ආයතන සහ විදේශ තානාපති කාර්යාල රැසක් පිහිටා ඇති දැඩි ආරක්‍ෂිත දිස්ත්‍රික්කයක් ලෙසයි.

මිසයිල ප්‍රහාරය එල්ල වීම සමඟ අමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණය ඇතුළත සිට දුමාරයක් නැගී තිබෙනවා.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය හෝ හානිය පිළිබඳව බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *