iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් කළා.
ඇපල් සමාගම සඳහන් කළේ එම ජංගම දුරකථන නවතම විශේෂාංග කිහිපයක් සමන්විත බවයි.
ඒ අනුව iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max ලෙස වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබුවා.
iPhone 16 යනු කෘත්‍රිම බුද්ධිය භාවිතය සඳහා නිර්මාණය කරන ලද පළමු මාදිලිය මෙය වන බවයි එම සමාගම පවසන්නේ.
iPhone 16 සහ iPhone 16 Pro යන දෙකම සිකුරාදා පෙර ඇනවුම සඳහා සහ සැප්තැම්බර් 20 වන දින වෙළෙඳසැල්වලින් ලබාගත හැකි වනවා.
Leave a Reply