Loading...

මම ජනාධිපතිවරණයට සුදානම් – ධම්මික

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 51%ක ඡන්ද ප්‍රතිශතය සුදානම් නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ පක්ෂය විසින් තමන්ට කොන්දේසි 10ක් දී ඇති බවයි.

එම කොන්දේසි අනුව තමාගේ සැලසුම් සියල්ල මේ වන විට සකස් කර අවසන් බවද ඒ මහතා පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ “මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්.අපි බලමු මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරණයට තව දවස්115 ක් තියෙනවා” යනුවෙනි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *