Loading...

අවුරුදු සමයේ අධිවේගයෙන් ලැබුණු ආදායම මෙන්න

අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 3ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 134ක ආදායමක් උපයාගෙන තිබෙනවා.

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා කියා සිටියේ පසුගිය දින 3කදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන 387000ක් ධාවනය කර ඇති බවයි.

මේ අතර දක්ෂිණ මාර්ගයේ අද (14) උදෑසන ගාල්ල දෙසට ගමන් ගන්නා මංතීරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

මෙලෙස දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත්තේ ගැලනිගම සහ දොඩන්ගොඩ අන්තර් හුවමාරු අසලයි.

අවුරුදු සමය වෙනුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන පිරිසගේ ඉහළ යාමක් දක්නට ලැබීම හේතුවෙන් මෙම තත්ත්වයට හේතුව වී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *