Loading...

හයිටි අගමැති ධුරයෙන් නෙරපා හරී

හයිටි රාජ්‍යයේ අගමැති ගැරී කොනීල් එරට පාලක කවුන්සිලය විසින් නෙරපා හැර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කවුන්සිලයේ සාමාජිකයින් 9 දෙනෙක් යුක්ත වන අතර ඒ අතරින් 8 දෙනෙක්ගෙන් අත්සනින් යුතුව මෙම නියෝගය ලබාදී ඇති බවයි.

මේ අනුව ගැරී කොනීල් වෙනුවට එරට හිටපු හයිට සෙනෙට් අපේක්ෂක ඇලික්ස් ඩිඩියර් අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් කර තිබෙනවා.

බලයෙන් පහකළ ගැරී කොනිල් පසුගිය ජුනි මස 3 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු එක්සත් ජාතීන්ගේ සංගමයේ හිටපු නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර හයිටි රාජ්‍යයේ පවතින සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් එල්ල කරන ප්‍රචණ්ඩකාරී ගැටුම්වලට විසඳුම් සෙවීම සඳහා ගැරී කොනීල් අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *