වසර 4ක බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියමව සිටින පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිව ඇප මත මුදා හරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඥානසාර හිමිට සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින්ම මෙම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
දැනට නියම කර ඇති වසර 4ක සිරදඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර හිමියන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.
Leave a Reply