ජර්මනියේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කිරීමට සිදුව ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වැටුප් සම්බන්ධ වූ ගැටළුවක් මුල් කරගනිමින් ගුවන් තොටුපොළ සේවකයින් රටපුරා වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් අදාළ ගුවන් ගමන් අවලංගු කිරීමට බලධාරීන්ට සිදුව ඇති බවයි.
ෆ්‍රැන්ක්ෆර්ට්, මියුනිච්, බර්ලින් සහ අනෙක් ප්‍රධාන මධ්‍යස්ථානවල මඟීන්ට ගුවන් තොටුපොළට ගමන් නොකරන ලෙස බලධාරීන් ඉල්ලා සිටින බවත් ඒ හේතුවෙන් ගුවන් තොටුපොලවල්හි මෙහෙයුම් දැඩි ලෙස අඩාල වී ඇති බවත් එම වාර්තා පෙන්වා දෙනවා.
මේ අතර දවස පුරා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු විය හැකි බව ජර්මානු වාර්තා සඳහන් කරනවා.
මෙමඟින් මඟීන් 500000කට වැඩි පිරිසකගේ ගමන් බිමන්වලට බාධා එල්ල විය හැකි බවද එරට මාධ්‍ය වාර්තා කරනවා.
Leave a Reply