කිලිනොච්චි ප්‍රදේශෙයේ උපත ලද ඇය, නමින් නිලානි ශිධරන්. ඉතා කුඩා කාලයේ සිටම එනම් ඇයට මාස 03 පමණ සිට කිලිනොච්චි ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබන ඇයට වසර 11 පමණ තෙක් එහි රැඳී සිටින්නේ යුද්ධයේ බිහිසුණු අත්දැකීම්ද මැදය. ඇය පවසන පරිදි ඇයගේ දෙමාපියන්, කිසිඳු ඥාතියෙක් තබා ඇගේ නිවුන් සහෝදරිව හෝ ඇය සියසින් දැක නැත.
යුද්ධය අවසන් වන සමයේ ඇය ජීවත් වුන ළමා නිවාසයත් යුද්ධයෙන් විනාශ වීම නිසා ඇයට එම රැකවරණයද අහිමි ඇත. ඉන් අනතුරුව විශාල දුෂ්කර කාල සීමාවක් පසුකරමින් අවම පහසුකම්, මුලික අවශ්‍යතාව හෝ නොමැතිව ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කොට ඇත. කාලය ගතවීමත් සමඟ ඇයව යාපනයේ පිහිටි ළමා නිවාසයකට යොමු කොට ඇති අතර එම ළමා නිවාසයේ ඇයට වසර 18 වන තෙක් රැකවරණය ලබා ඇත.
ඉන් අනතුරුව වයස සම්පූර්ණ වීමත් සමඟ ළමා නිවාසයෙන් ඉවත්වන ඇය කටුනායක ආයෝජන සංවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක සේවයට පැමිණෙන්නේ හරි හැටි සිංහල භාෂාව හෝ හසුරවා ගැනීමට හෝ නොහැකි පසුබිමකය. භාෂා ගැටලූ නිසාම එහිදීත් අසීරුතාවන්වලට ලක්වන ඇය ජීවිතයේ විවිධ හෙල හැප්පීම් මතින් මේ වන විට යම් සාර්ථකත්වයක් ලබා තිබුණද වසර 27 ක් තිස්සෙම අද වන විටත් කිසිදු දිනක ඡන්දය භාවිතා හෝ අවම වශයෙන් ඡන්ද ලියාපදිංචියක් හෝ ලබා නොමැත. උපතේ සිටම සිය ඥාතියෙක් හෝ නොමැති ඇය ස්ථිර වාසස්ථානයක්,ස්ථිර ලිපිනයක්ද නොමැතිව දිවි ගෙවන අතර ඇගේ කතාව පහත video වෙන් නරඹන්න.








Leave a Reply