Loading...

මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන් කොළඹට කැඳවයි

නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කියා සිටියේ සියලු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ සංස්ථාවල සභාපතිවරුන් මේ සම්බන්ධව දැනුවත් කිරීමට නියමිත බවයි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් ලබන සතිය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බවද ඒ මහතා පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *