අද (04) පෙරවරු 8 සිට යළිත් වරක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ වැඩ වර්ජනය අවසන් කරන කාලසීමාව සම්බන්ධව අද (04) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේ දී තීරණය කරන බවයි.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමේ තීන්දුවට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සතිය තුළ අවස්ථා දෙකකදී වැඩ වර්ජනය ක්‍රියාමාර්ගවල නිරත වුණා.
සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධව බලධාරීන්ගේ සෘණාත්මක ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් මෙලෙස නැවත වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බවද එම සංගමයේ සහකාර ලේකම්වරයා පවසනවා.







Leave a Reply