ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ සමාරම්භක දිනයේ පාකිස්ථානය, බටහිර කොදෙව් කණ්ඩායම සහ සම සත්කාරක ඉන්දීය කණ්ඩායම් ජයග්‍රහණය ලබා ගනු ලැබුවා.
සමාරම්භක දිනයේ පළමු තරඟය ලෙස පැවැත්වුණේ පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතරයි.
කොළඹ SSC හිදී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 147ක් ලබා ගනු ලැබුවා.
ඊට පිළිතුරු වශයෙන් පාකිස්ථාන කඩුලු 7ක් දැවී පන්දුවාර 19යි පන්දු 3කදී ලකුණු 148ක් රැස්කළා.
මෙහිදී පාකිස්ථානය ජයග්‍රහණය කරා ගෙන යාමට සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 47ක් සහ ෆාහීම් අෂ්රෆ් පන්දු 11කදී නොදැවී ලකුණු 29ක් ලබා ගත්තා.
මේ අතර විස්සයි විස්ස ලෝක කුසලානයේ දෙවන තරඟය ලෙස පැවැත්වුණු ස්කොට්ලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වුණු තරඟයේ ජය කොදෙව් කණ්ඩායම ලබාගත්තා.
කොල්කටා ඊඩ්න් ගාර්ඩන්ස් හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 182ක් රැස්කළා.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Shimron Hetmyer ලකුණු 64ක් ලබාගත්තා.
ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත කණ්ඩායමට රැස්කිරීමට හැකි වුණේ ලකුණු 147ක් පමණි.
ඊයේ (07) දිනයේ පැවැති තරඟයෙන් ජය ගැනීමට සම සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අමෙරිකා එක්සත් ජනපදය ලකුණු 29කින් පරාද කරමින්.
වන්කඩේ හිදී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් අමෙරිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළා.
ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර විස්සයි විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් රැස්කළා.
අමෙරිකානු කණ්ඩායමේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් රැසක් අසරණ වෙද්දී නායක සූර්ය කුමාර් යාදෙව් පන්දු 49කදී නොදැවී ලකුණු 84ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී අමෙරිකාව වෙනුවෙන් ෂැඩ්ලි වැන් ෂෝල්ක්වික් කඩුළු 04ක්ද, හර්මීත් සිං කඩුළු 02ක්ද, අලි ඛාන්, මොහොමඩ් මොහ්සින් කඩුළු එක බැගින් ද දවා ගනු ලැබුවා.
ලකුණු 162ක ඉලක්කයක් හඹා ගිය අමෙරිකානු කණ්ඩායම සංජේ ක්‍රිෂ්ණමූර්ති ලකුණු 37ක්ද, මිලින්ද කුමාර් ලකුණු 34ක්ද, සුභම් රංජනේ ලකුණු 37ක්ද රැස්කළා.
පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් කඩුලු 3ක් දවා ගනු ලැබුවා.
මේ අතර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය අයර්ලන්තය සමඟ අද (07)ට කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී තරඟ වැදීමට නියමිතයි.








Leave a Reply