ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිත්‍යානුකූල නොවන දේශපාලන මණ්ඩල රැස්වීමක් ඊයේ (20) පවත්වා ඇති බව පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසනවා.
ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය කොළඹ මහාධිකරණය විසින් වාරණයට ලක්කර ඇති මොහොතක මෙම රැස්වීම කැඳවා ඇති බවයි.
මෙම රැස්වීම පක්ෂයේ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙය නිත්‍යානුකුල නොවන රැස්වීමක් බව පවසමින් භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජාතික දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් රැස්වීම පැවැත්වෙන ස්ථානයට ගොස් විරෝධය පළකර තිබුණා.








Leave a Reply