Loading...

ට්‍රම්ප්ගේ 10%ක අතිරේක තීරු බද්ද ගැන සාකච්ඡාවකට සුදානම් – චීනය

පෙබරවාරි පළමු වනදා සිට අමෙරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදන සඳහා 10%ක අතිරේක තීරුබදු පැනවීම පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

චීනය පවසන්නේ අමෙරිකාවේ ක්‍රියා කලාපය ජාත්‍යන්තර වෙළඳ නීති උල්ලංඝනය කිරීමක් බවයි.

කෙසේ වෙතත් අර්බුදය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා සාකච්ඡා මේසයකට පැමිණීමට සූදානම් බවද චීනය සඳහන් කර තිබෙනවා.

තවද චීනය ට්‍රම්ප් පරිපාලනය විසින් චීන ආනයන සඳහා පනවා ඇති මෙම නවතම 10% තීරුබදු දැඩි ලෙස හෙළා දැක ඇති බවද වාර්තා වනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පසුගියදා මාධ්‍ය හමුවකදී කියා සිටියේ ෆෙන්ටැනයිල් (Fentanyl) නම් ඖෂධය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව හේතුවෙන් අමෙරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදිත සඳහා 10%ක අතිරේක තීරු බද්දක් පනවා ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් චීනය තම විරෝධය ප්‍රකාශ කර ඇති බවද සඳහන්.

මෙම ගැටලුව පිළිබඳව උද්ගතව ඇති අර්බුදය හමුවේ තම රටේ හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට චීනය සුදානම් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ෆෙන්ටැනයිල් යනු ඇමරිකාවේ දේශීය ඇතිව තිබෙන ගැටළුවක් බවත් ඔවුන්ගේ ඉල්ලීමකට අනුව 2019 වසරේ දී ෆෙන්ටැනයිල් වැනි ද්‍රව්‍ය විධිමත් ලෙස ලැයිස්තුගත කළ තම රට, ෆෙන්ටැනයිල් වැනි ද්‍රව්‍ය නිසි ලෙස පාලනය කර ඇති ලොව පළමු රට බවට පත් වූ බවත්ය.

තවද වෙළඳ යුද්ධයකින් හෝ තීරු බදු සටනකින් කිසිවෙකු ජයග්‍රහණය කර නොමැති බව සඳහන් කරන චීනය පෙන්වා දෙන්නේ අමෙරිකාව ඒක පාර්ශවික තීරු බදු පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් ද වන බවයි.

එය ඇමෙරිකාව තම රටෙහි ගැටළු විසඳීමට අපොහොසත් වීමක් පමණක් නොව, ද්විපාර්ශ්වික සබඳතා සඳහා මෙන්ම සමස්ත ලෝකයට ද අහිතකර වන්නක් බව චීනය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *