වැඩ තහනමට ලක් කෙරුණු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා තමන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බව පවසමින් ජාත්‍යන්තර සංවිධාන 4කට පැමිණිලි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලිිය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය, සහ ජිනීවා මානව හිමිකම් කොමිසම යන ආයතනවලට ඔහු මෙලෙස පැමිණිලි කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ දෙවන ජ්‍යෙෂ්ඨම නිලධරයා වන තමන්ට එරෙහිව චෝදනාවක් ඇත්නම් නම් ඒ සම්බන්ධව මුලික පරීක්ෂණයක් කැඳවා තමන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමිවිය යුතු බව ඔහු මෙහිදී පෙන්වා දෙනවා.
නමුත් එලෙස කිසිඳු පරීක්ෂණයකින් තොරව එකවරම වැඩ තහනම් කිරීමෙන් ස්වාභාවික යුක්ති මූලධර්ම පවා කථානායකවරයා කඩ කර ඇති බව ඒ මහතාගේ එම පැමිණිලිවල සඳහන් වනවා.
මෙරට සිටින ප්‍රවීනතම ජනාධිපති නීතිඥ මඩුල්ලක් චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් මෙම පැමිණිලි සකස් කරමින් සිටින බවද ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ජාත්‍යන්තර සංවිධාන වලට පැමිණිලි කිරීමට අමතරව මෙරට අභියාචනාධිකරණයෙහි මීට අදාලව නඩුවක් ගොනු කිරීමටද එම නීතිඥ පිරිස කටයුතු කරමින් සිටින බවයි.







Leave a Reply