ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව කොන්දේසි ප්‍රකාරව මෙම නඩුව ඉල්ලා අස්කර ගත් බවයි.
මේ අනුව නඩුවේ පළමු චූදිත වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහිව ඇති අධිචෝදනාව මෙලෙස ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.
එම කොමිසමේ නිවේදනය පහතින්,
අල්ලස් හා දූෂණ ව්‍යාජන පරීක්ෂණ කොමිෂන් සභාව
COMMISSION TO INVESTIGATE ALLEGATIONS OF BRIBERY OR CORRUPTION
දුරකථන: 0112596365, 0112596360 | හදිසි ඇමතුම්: 1954 | ඊ-මේල්: ciaboc_gen@ciaboc.gov.lk
2025.12.10
ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය
ශ්‍රී ලංකාව
2011 වර්ෂයේ දී ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී සිදු වූ දූෂණය සම්බන්ධව පවරා තිබූ නඩුව
ඉල්ලා අස් කර ගැනීම
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති නිඩාඩ් අජිත් ලෙස්ලි කබ්රාල් සහ තවත් හතර දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පචරා තිබූ උක්ත නඩුවට අදාළ අධිචෝදනාවන්ගෙන් පළමු චූදිත වන, නිඩාඩ් අජිත් ලෙස්ලි කබ්රාල් යන අයට එරෙහිව ඇති අධිචෝදනාවන් දූෂණ විරෝධී පනතේ 67 (1) වගන්නිය ප්‍රකාරව ඉවත් කරගැනීම සම්බන්ධව සලකා බලන ලෙසට පළමු චුදිත විසින් කර තිබූ ඉල්ලීමට අනුව, දූෂණ චිරෝධී පනතේ 67 (2) වගන්තිය ප්‍රකාරව වන කරුණු සලකා බැලූ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව වන පහත සඳහන් කොන්දේසිය මත එම පළමු චූදිතට එරෙහිව වන අධිචෝදනාව අද දින (2025.12.10 දින) ඉල්ලා අස්කරගන්නා ලදි.
එම කොන්දේසිය නම්, “මෙම අධිචෝදනාවන් ඉල්ලා අස්කරගන්නා දිනයේ සිට මාස 3ක කාලසීමාවක් ඇතුළත පළමු චුදිත විසින් මෙම වරදට අදාළව සිදු වූ අලාභය ලෙස ගණනය කර ඇති රු.1,843,267,595.65 (රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හන්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක) ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් ගිණුමට බැර කළ යුතු ය”
එම ඉල්ලා අස්කරගැනීමට මහායිකරණය අවසර දුන් අතර, ඒ අනුව, මාස 3ක කෘලසිමාවක් ඇතුළත පළමු චුදිත විසින් රු, 1,843,267,595.95 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ ලබා දී ඇති ගිණුමට බැර නොකළහොත් දූෂණ විරෝධී පනතේ 07 (5) වගන්තිය ප්‍රකාරව නැවත ඔහුට අධිචෝදනාවන් ගොණු කිරීමට පියවර ගනු ලැබේ.
එම නඩුවේ අනෙක් වුඳිතයන්ට එරෙහිව ඇති අයිචෝදනාවන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය ප්‍රකාරව ඉල්ලා අක්කරගන් අතර, ඒ අනුව, මහාධිකරණය විසින් එම චුදිනයන් නිදහක් කර ඇත.
මෙම නඩුවෙන් චුදිනයන් නිදොස් කොට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බව ද වැඩිදුරටත් දන්වා සිටිමි.






Leave a Reply