අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාලසීමාව වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියෝග කළා.
අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද උදෑසන අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම තීරණාත්මක නියෝගය ලබාදී ඇත්තේ.
එහිදී ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිල වශයෙන් නියෝග කර සිටියා.







Leave a Reply