එළැඹෙන ජනාධිපතිවරණයට තමා තරඟ නොකරන බව අමෙරිකානු ජනාධිපතිනි ජෝ බයිඩන් මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ තම පක්ෂයේ සහ රටේ යහපත ගැන සිතා තමන් එම තීරණය ගත් බවයි.
සිය සමාජ මාධ්‍ය ඔස්සේ අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය නිවේදනය කර තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජෝ බයිඩන් මහතා කියා සිටින්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය උප ජනාධිපති කමලා හැරිස්ට ලබාදීම සුදසු බවයි.
මේ අතර අමෙරිකානු ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.







Leave a Reply