මෙරට සාමාන්‍ය ජනතාවට කිසිවෙකුට වෙඩි නොතබන බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (24) වැලිකන්ද ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්.
ඒ හේතුවෙන් මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් රටේ නොමැති බවද ඔහු මෙහිදී කියා සිටියා.
“මේ සාමාන්‍ය පුරවැසියන්ට වෙඩි තියනවාද රටේ ? නෑ නේද ? ඉතින් ආරක්ෂාව තියෙනවානෙ…. රට තුළ විවිධ ප්‍රශ්න ගැටලු තියෙනවා පොඩි පොඩි. දැන් අපේ සහයෝගයක් නැහැනෙ කාටවත්, එතකොට දැන් මැර කණ්ඩායම් ඒගොල්ලො ඒගොල්ලො අතර ගැටුම් නිර්මාණය වෙලා. ඉතින් අපට දැන් ප්‍රශ්නයක් තියෙනවා, දැන් මේ මැරයන්ට පොලිස් ආරක්ෂාව දෙන්න පුළුවන්ද ? ඔය සමහර නායකයො අද එක එක දේශපාලන පක්ෂවලින් මහජන මන්ත්‍රීවරු වුණාට ඒගොල්ලො IRCකාරයො. අපරාධකාරයො සභාපතිවරු වෙලා. ජනතාව ඡන්දෙ දුන්නෙ නෑ සභාපතිවරු වෙන්න. එකතුවෙලා හදලා අනාරක්ෂිත තැනක් නිර්මාණය කරගත්තා ඒගොල්ලො”








Leave a Reply