Loading...

තිස්ස කුට්ටිගේ ක්‍රියාකලාපයට විරෝධය පා අනුරපුර පොහොට්ටු මන්ත්‍රී හිමි නමක් පක්ෂය අත්හැර යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශී සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියන් එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක තිස්සකුට්ටි ආරච්චි මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන්.

මේ අනුව උන්වහන්සේ සර්වජන බලය පක්ෂයේ මිහින්තලය ආසන සංවිධායක ධූරය ලබාගෙන ඇති බව වාර්තා වනවා.

උන් වහන්සේ පක්ෂය අතහැර යාමට හේතු ලෙස දක්වා ඇත්තේ තිස්සකුට්ටිආරච්චි මහතා අනුරාධපුර ජනතාව පිළිබඳව සිදුකරන ඇතැම් ප්‍රකාශ හා ඔහුගේ ක්‍රියාකලාපය මීට හේතු වූ බවයි.

දිගින් දිගටම මෙලෙස කටයුතු කළහොත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හුදෙකලා වනු ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.

“අපි ආයේ අඩියක්වත් පස්සට ගන්නේ නෑ. මිහින්තලය ආසනයේ ඡන්දය ඉල්ලූ මන්ත්‍රීවරු, කොට්ඨාස නියෝජිතයෝ එකතු වුණා. අපි හොඳ සංවිධානයක් හදලා මිහින්තලය ආසනයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්න කටයුතු කරනවා.

අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන්නම් පළාත් සභා මැතිවරණය තියන්න. තියෙන ඕනෑම මැතිවරණයකට අපි සර්වජන බලය පක්ෂය ලෙස ඉදිරිපත් වෙන්න සියලු කටයුතු සංවිධානය කරගෙන යනවා.

ඔය විදයට ගියොත් පොදුජන පෙරමුණේ අයට හුදෙකලා වෙන්න සිදුවෙනවා. තිසකුට්ටි ආරච්චි මහතා ෆෝන් එකෙන් එහේ දේශපාලනය කරයි. අපි මෙහෙ බිමේ දේශපාලන කරන්නේ”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *