කටාර් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තෙල් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එක්සත් රාජධානියෙන් සමුද්‍රීය ඒජන්සිය පවසන්නේ ප්‍රහාරය නිසා නෞකාවේ එක් පැතිකඩකට හානි සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් එහි සිටි සේවක පිරිසකට කිසිඳු අනතුරක් වී නොමැති බව සඳහන්.
නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමක් වැනි කිසිඳු පාරිසරික හානියක් සිදුව නොමැති බව බලධාරීන් පවසනවා.
මේ අතර මීට දිනකට පෙර ඩුබායි වෙරළ ආසන්නයේ තිබූ තවත් විශාල තෙල් නැවකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ අතර එහි හටගත් ගින්න මේ වන විට නිවා දමා ඇති බව වාර්තා වනවා.
ඉරානයට එරෙහි යුද්ධය ගැන අමෙරිකානු ආරක්ෂක ලේකම් කියන කතාව
ඉරානයට සහාය වීම සඳහා චීනය සහ රුසියාව දරන උත්සාහයන් සම්බන්ධ ඇමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.
ඔහු සඳහන් කරන්නේ අවශ්‍ය සෑම අවස්ථාවකදීම එම මැදිහත්වීම්වලට එරෙහිව ක්‍රියා කරන බවයි.
ඊයේ (31) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළකළා.
මැදපෙරදිග ගැටුමේ ඉදිරි දින කිහිපය ඉතා තීරණාත්මක බවද ඔහු පෙන්වා දෙනවා.
අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ විශේෂයෙන්ම ඉරාන සන්නද්ධ හමුදාවලින් සෙබළුන් විශාල වශයෙන් පලා යෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත් රුසියාව සහ චීනය ඉරානයට උදව් කරන ආකාරය සම්බන්ධව අමෙරිකාව දන්නා බවත්ය.
එම සියල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවන නමුත් අවශ්‍ය තැන්වලදී ඔවුන්ට සෘජුව මුහුණ දෙන බවද හෙග්සෙත් සඳහන් කරනවා.
බුද්ධි අංශ තොරතුරු පෙන්වා දෙමින් හෙග්සෙත් පවසන්නේ අමෙරිකානු ප්‍රහාර හේතුවෙන් ඉරාන හමුදාවේ මානසිකත්වය බිඳ වැටී ඇති බවයි.
මෙම තත්ත්වය සමඟ සෙබළුන් හමුදාව හැර යාම සහ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර දැඩි කලකිරීමක් හටගෙන ඇති බවද අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පවසනවා.
“අප සතුව විකල්ප වැඩි වෙමින් පවතිනවා, නමුත් ඉරානයට ඇති විකල්ප සීමිතයි. ගතවූ එකම මාසය තුළ අප යුද්ධයේ කොන්දේසි තීරණය කර අවසන්. ඉදිරි දින කිහිපය තීරණාත්මකයි,”.







Leave a Reply