Loading...

ජයකොඩිට එරෙහි විශ්වාසභංගය දා ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන්ට කොළඹ ඉන්න කියලා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දා කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ විදේශ ගමන්වලින් ද වැළකී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දන්වා ඇති බවයි.

විශ්වාසභංග යෝජනාව ලබන 10 වනදා විවාදයට ගැනීමට නියමිතයි.

යෝජනාව සම්බන්ධ ඡන්ද විමසීම එදිනම පැවැත්වීමට නියමිත බව සඳහන්.

මේ අතර මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ බොහොමයක් එකඟත්වය පළකර තිබෙනවා.

සමඟි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *