ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළේ පොතුවිල් අල් නජාත් මාවත, පොතුවිල් පදිංචි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කොල්ලුපිටිය අර්නස්ට් ද සිල්වා මාවතේ 28 වන පටුමග හන්දිය අසලදී සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකාර සිසුවා පොතුවිල් අල් නජාත් පාරේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ඩුබායි තානාපති කාර්යාලය වෙත පැමිණ ඇති බවත් අදාළ අවස්ථාවේදී මීට පෙර පොලිස් ආරක්ෂාව මත ගමන් ගන්නා VIP පෙළක් සියැසින් දැක නොමැති බැවින් වීඩියෝ ගත කළ බවට ප්‍රශ්ණ කිරීමේ දී ප්‍රකාශ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
Leave a Reply